Pages

Thursday, May 14, 2020

සැෆ්‍රන් වගාව ගෙදරදීම කරගමුද?


සැෆ්‍රන් වගාව ගෙදරදීම කරගමුද?


රූපලාවණ්‍යයට දිවයය ඔසුවක් වෙන සැෆ්‍රන් කුළු බඩුවක් ලෙසද කෑම සැකසීමේදී අපි භාවිතා කරනවා.

කුංකුම හෙවත් මෙම සැෆ්‍රන් ඉතාමති මිල අදික වේ. ඉතින් මෙම සැෆ්‍රන් වගාව අපිටත් නිවසේදීම වගා කරගන්න පුලුවන් නමුත් මෙහි බීජ නැත මෙහි ඇත්තේ ළූණු වැනි බල්බය. එවා ලංකාවෙන් සොයා ගත නොහැකිය. පිට රට සිටින පුද්ගලයෙකු සිටීනම් ගෙන්වා ගත හැකි වේ.

මලෙහි ඇති කලංකයයි අපිට අවශ්‍ය වෙන්නේ. මෙම වගාවට තද හිරු එළිය අවශ්‍ය වේ. සමකය ආසන්න රටක් නිසා මෙය අපිට හොදින් වගා කරගත හැකි වේ.

මාද්‍යය සකසා ගන්නේ කොම්පොස්ට් , වැලි  සහා බොරලු පස සම සමව ගෙන මිශ්‍ර කර අගල් 8,10 ක් ගැඹුර ඇති පෝච්චියකට දමා ගන්න. ලිහිල් පසක් අවශ්‍ය වේ ජලය නොරැඳෙන . මෙයට ජලය වැඩිය යොදන්නේ නැත.

සැෆ්‍රන් වලත් ළූණු ගෙඩියේ වගේම මුල් වගේ ඇති කොටසක් තිබේ එය අපි ඉවත් කරගෙන , මුලු ශරීරයම හොදින් ආවරණය කරගෙන මෙය දිලීර නාශකය හොදින් තැවරිය යුතු වේ. ඉන් වසුව එය සිටවා පස් වලින් වසන්න. දින 45 කින් පමණ මල් හට ගැනේ.

ලේසීනම් නැහැ ඒත් ඔයා මෙම වගාව උනන්දුවෙන් කලොත් හුගාක් දේවල් ඔබට වෙනස් කරගන්න පුලුවන් වේ.

අදම ඔබත් Aroma Plants අපත් සමග එක්වී අත්දැකීම් බෙදාගන්න. 😊


Sunday, May 10, 2020

සුපර් පවර් බ්‍රෙක්ෆ්ස්ට්.


සුපර් පවර් බ්‍රෙක්ෆ්ස්ට් 


මේ දවස් වල අපේ අම්මලාට ගෙදර ඉදලා කෑම හදලා එපා වෙලා තියෙන බව අපි හැමෝම දන්නවා. ඉතින් ඔන්න අද කියලා දෙන්නේ ලේසියෙන් ඉක්මනින් වගේම ගුණවත් උදේට කන්න පුලුවන් කෑමක් සදහා.

කුරුලෑ වදෙන් බේරිලා ශරීරයේ ඇති ඌෂ්ණාධික බවට වගේම ගත සැහැල්ලු කරගෙන ඇගේ ඇති අහිතකර මේදය අඩු කරගන්නත් උදව් කරනවා . මේ ආහාරයෙන් ගොඩාක් දේවල් අපිට ලබා දෙන නිසා මම මේකට කියන්නෙ සුපර් පවර් බ්‍රෙක්ෆ්ස්ට් කියලා.

සුපර් පවර් බ්‍රෙක්ෆ්ස්ට් සදා ගන්නා ආකාරය.


*මෙය තනි පුද්ගලයෙකුට සෑහේ.

🔹නැවුම් කිරි කෝප්ප දෙකක්
🔹ඕට්ස් මේස හැදි 3ක්
🔹සව් මේස හැදි 4 ක්.
🔹හබල පෙති මේස හැදි 3ක්
🔹තම්බා ගත් මුං ඇට මේස හැදි දෙකක්
🔹සීනී ලුනු අවශ්‍ය පමණ

නැවුම් කිරි ටික ලිප තබා ඉහත සියල්ල දමා පිස ගන්න. ඔබ ලග ඇති දේවල් පමණක් ගන්න. හොදින් පිසුනු පසු ඔබට මෙයට වියලි මිදි වගේම, රට ඉදි හා කජු ඔබේ කැමැත්ත පරිදි එකතු කර ගත හැකි වේ.

අදම ඔබත් Aroma Plants අපත් සමග එක්වී අත්දැකීම් බෙදාගන්න. 😊

Saturday, May 9, 2020

කෝමාරිකා වලින් ගෙදරදීම දිදුලන සමක්.


ගෙවත්තේ ඇති දේවල් යොදාගෙන ලස්සන වෙමුද?


ලස්සන වෙන්න නීරෝගී වෙන්න අපි හැමෝම ගොඩාක් කැමති ඉතිං අද ලිපියෙන් ඔබට ගෙන එන්නේ ගෙදරම තියෙන ද්‍රවය වලින් නීරෝගී සුන්දර දිදුලන සමක් ලබා ගන්නා ආකාරයයි. 

ස්වභාවික දේවල් යොදා ගන්නා නිසා අපිට බය නැතුව ආලේප කල හැකි වේ. 

ෆේස් පැක් එක සදහා අවශ්‍ය වෙන ද්‍රවය:


🔹කෝමාරිකා මදය මේස හැදි දෙකක්
🔹කොහොඹ කොල යුෂ මේස හැන්දක්
🔹කඩල පිටි මේස හැන්දක්
🔹ගෙදර වත්තෙ අමු කහා තිබේනම් එයින් යුෂ තේ හැන්දක් නැත්තම් කස්තුරි කහා තේ හැදි කාලක් 
🔹යෝගට් තේ හැන්දක්
🔹මී පැණි මේස හැන්දක්
🔹දෙහි බාගයක යුෂ

මේ සියල්ල එකට එක් කර ෆේස් පැක් එක සකසා ගන්න.

පිරිසිදු කර ගත් මුහුණෙහි මෙය ආලේප කර හොදින් වේලේනකම් තබා සාමාන්‍ය ජලයෙන් ඉවත් කරන්න.

ඉන්පසු අයිස් කියුබ් එකකින් මුහුණ සම්බාහනය කරන්න. 

මෙයට යොදා ඇති දේවල් තුලින් කිසිදු හානියක් නොවේ මේ සියල්ල්ම රූපලාවණ්‍ය සදහා භාවිතා කරන ප්‍රබල ද්‍රවයයන් වේ. කෝමාරිකා මදය ලබා ගැනීමේදි කෝමාරිකා කෑල්ල පොඩි කෑලී වලට කපා ජලයේ විනාඩි 20ක් පමණ තබන්න. ඉන්පසුව මදය සූරා ගන්න. මෙමගින් සමෙහි අසාත්මිකතා ස්වභාවය ඇති නොවේ.

අදම ඔබත් Aroma Plants අපත් සමග එක්වී අත්දැකීම් බෙදාගන්න. 😊


දිව්‍යමය ඖෂධීය වටිනාකමක් තියෙන ඉගුරු.


දිව්‍යමය ඖෂධීය වටිනාකමක් තියෙන ඉගුරු.



ඉගුරු කියන්නේ කෑම රසවත් කිරීමට වගේම අපිට දිව්‍යමය ඖෂධීය වටිනාකමක් තියෙන ඖෂධයක් කිව්වොත් මම නිවැරැදී. කුළු බඩුවක් ලෙසද හදුන්වන මෙය මිලට ගැනිමෙදිනම් ටිකක් ලොකු මුදලක් වියදම් කරන්න වෙනවා.
ඔක්කාරය සහා බඩ පිපීමට වගේම ආහාර ආසාත්මිකතා වලට ප්‍රතිවිරුද්ධව ක්‍රියා කරන අතර විෂ නැසීමේ ගුණය නිසා ඕනෑම කෑමකට බය නැතුව මුසු කිරීමට හැකි වේ. නිදිමත නැති කිරීමට වගේම ගත ප්‍රබොදමත් කිරීමටද ඉගුරු සමත් වේ.
සෝඩීයම්, යකඩ, පොස්පරස් හා මැග්නීසීයම් වැනි ඛණිජ ලවණ ඉගුරු වල ඇත. ඒ වගේම ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ‍රැසක් මෙහි අන්තර්ගත වේ. සෙමට , උණට හා හිසටදයට ඔසුවක් හා වේදනා නාශකයකි. බැක්ටීරියා ආසාදන වලට එරෙහි වන අතර යම් යම් ඖෂධයන් සමග ඉගුරු ශරීර ගත කිරීම අවදානම් බව මතක තබා ගන්න.
සෙමට ඔසුවක් වන, බර අඩු කිරීමට ක්‍රියා කරන ඉගුරු නිවසේදීම නිවැරැදිව පැල කරගන්නේ කෙසේදැයි අපි බලමු.
ඉගුරු අලයක් ගෙන එය පසට යට කර සිටවා ගත හැකි අතර ඉගුරු අලට වතුරෙ දමා දින කිහිපයක් තබා මොටයියන් හටගත් පසු මොටෙයියන් සිටුවීමෙන් වේගයෙන් පැල කරගත හැකි වේ. කොම්පොස්ට් , වැලි සම සමව ගෙන එයට කොහුබත් ස්වල්පයක් එකතු කරන්න. 2:2:1 අනුපාතයෙන් එක් කරන්නේ සරු අස්වැන්නක් ලබා ගැනීමට ලිහිල් පසක් අවශ්‍ය වන නිසා.
එමෙන්ම මෙයට ඉර එලියත් සමග සෙවනක් අවශ්‍ය වේ. ඉර එලිය අධිකව තිබේනම් පැලයේ වර්ධන වේගයද වැඩි වේ.
ජලය යෙදීමේදි තම ඇගිල්ලෙන් පසට ඇන බලන්න එහි තෙතමනය තිබේද යන්න. තිබෙනවනම් එයට ජලය නොදන්න වගබලා ගත යුතු වේ. මෙය බදුනක නැත්තම් පොහොර උරයක ඔබට ලේසියෙන් සකසා ගත හැකිය.

අදම ඔබත් Aroma Plants අපත් සමග එක්වී අත්දැකීම් බෙදාගන්න. 😊


නිවසේදීම කාබනික දියරමය පොහොරක්.


බනානා පීල් ටී (Banana Peel Tea)


පවතින වතාවරණය අනුව මේ දින වලදී අපිට වෙළදපොළෙන් පොහොර මිලට ගැනීමට හැකියාවක් නැති හෙයින් ඔබට නිවසේදීම කාබනික දියරමය පොහොරක් සකසා ගන්නා ආකාරය කියා දීමට අප සූදානම්.
බනානා පීල් ටී (Banana Peel Tea) යනු මහන්සියකින් තොරව පහසුවෙන් සකසා ගත හැකි දියරමය පොහොරකි. මෙය සාදාගැනීමට අවශ්ය වන්නේ කෙසෙල් ලෙලි හා ජලය පමණී. ගෙවත්තෙහි ඇති ශාඛ වර්ධනයට හා ඵල හටගැනීමට මෙය බෙහෙවින් උපකාරී වේ.
කෙසෙල් ලෙලි යනු පොටෑසියම්, පොස්පරස් හා කැල්සියම් වලින් අදික ලෙස පොහොසත් ද්රවයයකි. එය වගාවන්ට ඉතාමත් සුදුසු වේ.
කිසිදු කෘතීම රසායනික ද්රව්ය අඩංගු නොමැති ඉතාමත් ඵලදායී දියරමය කාබනික පොහොරකි. ශාඛ වර්ධනයට අවශ්ය නයිට්රජන්, මැග්නීසීයම් හා සල්පර් ද මෙහි අන්තර්ගත වේ.

Banana peel Tea සදා ගන්නා ආකාරය.


කෙසෙල් ලෙලි ග්රෑම් 500 ක් පමණ කුඩා කැබලි වලට කපා එයට වතුර ලීටර් 1.5 ක් පමණ යොදා දින 4,5ක් තබන්න. ඉන් පසුව එය ජලය ලීටර් 5කට එකතු කර පුංචි කෙසෙල් පොතු කැබලි අතින් කුඩු කරන්න. ඉන්පසු ඔබට මෙය භාවිතයට ගත හැකිය. එක් පැලයකට මෙම දියරය එක් කෝප්පය බැගින් පොහොරක් ලෙස යොදා ගන්න. අපට මෙය ශාඛ පත්ර වලට ඉසීමටද භාවිතා කල හැකිය.

අදම ඔබත් Aroma Plants අපත් සමග එක්වී අත්දැකීම් බෙදාගන්න. 😊

කොහිල කැද එකක් සාදා ගමු.


ගෙවත්තෙ තිබෙන කොහිල වලින් කොහිල කැද එකක් සාදා ගමු.


විවිධ කෑම වර්ග කෑම නිසා, විවිධ බෙහෙත් වර්ග බීම නිසා අපේ බඩවැල් වල තියෙන විෂ කොහිල වලින් ඉවත් කර ගත හැකි වන අතර පොඩිත්තන්ගේ පනු රෝග වලටත් කදිම බෙහෙතකි. අර්ශස් රෝගින්ටද එය බෙහෙතකි.
ඔයාලා කොහිල තෙල් දාලා , කිරි දාලා , මැල්ලුම් හදලා හා සලාද හදලා ඔය එක එක විදියට හදලා අපි හැමෝම කාලා තියෙන නිස අද ලිපියෙන් බලමු කොහිල කැද එකක් සාදා ගන්නේ කෙසේද කියා. ඉතින් ඔන්න ඉක්මනට කේන්ති ගන්න අයට කොහිල කැද එකකින් සංග්රහා කරන්නටත් අමතක කරන්නටත් එපා.

කොහිල කැද සදා ගැනීමට අවශ්ය දෑ..


හොදින් පැසුනු කොහිල අලයක්
රතු කැකුලු හාල් මිටක්
සුදු ළූණු බිකි 4,5 ක්
පොල් කිරි කෝප්ප දෙකක්
රස අනූව ලුණු
හාල් ටික සෝද වතුර ටිකක් දාලා තැම්බෙන්න තියා එයට සුදු ළූණු යොදන්න.
ඒ අතර තුර කොහිල ටික වතුර ටිකක් යොදා හොදින් බ්ලෙන්ඩර් කරන්න. දැන් කොහිල ටිකක් හාල් එකට දමා තැම්බීමෙන් පසුව පොල් කිරි යොදන්න. පොල් කිරි දමා තැම්බීමෙන් පසුව ලිපෙන් බා ගෙන ආදරනීයන්ට පිලිගන්වන්න.

අදම ඔබත් Aroma Plants අපත් සමග එක්වී අත්දැකීම් බෙදාගන්න. 😊


අර්තාපල් ගෙදරදීම.


අර්තාපල් ගෙදරදීම

අර්තාපල් බීජ වලින් මගින් වගේම මොටයියන් මගින්ද පැල කරගත හැකි වේ. අද මම කියලා දෙන්නේ මොටයියන් මගින් පැල කර ගන්නා ආකාරය අපි අර්තාපල් වෙළෙඳපලේන් මිලට ගන්නා විට දැක තියෙනවා චූටී චූටී අංකුර සමග අල තිබෙනවා. අන්න ඒ අල මගින් අපිට පහසුවෙන් අල පැල කරවා ගත හැකිය. එවැනි මොටයින් තියෙන අල කිහිපයක් අරන් අන්කුර තියෙන් තැන් වලින් අල ගෙඩිය දෙකකට පමණ වෙන් කරවා ගන්න. ඉන් පසුව එය දින තුනක් පමණ තබන්න.
පස් මාද්යන් අපි සකසා ගන්නා විට සැහැල්ලු කොම්පොස්ට් හා කොහුබත් මිශ්ර පසක් අවශ්ය වේ. ඒ වගේම ජලය ඉක්මනින් ගලා යෑමද අවශ්ය වේ. සැහැල්ලු පසක් තිබීමෙන් අලද හොදින් සෑදෙයි.
භාජනය අඩියක් අඩි එක හමාරක් පමණ උසකින් තිබිම වැදගත් ඒ වගෙම ජලය ඉවත් වීමට කුහරද තිබිය යුතුයි.
අංකුර සමග අල කානූ වගේ හාරා එයින් අංකුර උඩට සිටින සේ තබා සැහැල්ලු පස් යොදන්න.
අල සිටවන විට පැල අතර අගල් 8ක පමණ පරතරයක් තබා ගන්න. ඉඩ තිබීමෙන් අර්තාපල් ගෙඩිය විශාල වේ.
ජලය යෙදීමේදී ජලය ලීටර් 4කට විනාකිරි කෝප්පයක් දමන්න. සතියකට දෙපාරක් ජලය එක් කරන්න.
ඔබට දින 100 ක් හෝ 120ක් ගතවන විට ඵල ලබා ගත හැකී. බීජ අර්තාපල් වලනම් එය පැකට් එකේ ගහලා තිබේ ඵල දරන කාලය පිලිබදව.
අර්තාපල් පැලෙහි මල් හට ගැනිමෙන් අල බැසිමට පටන් අරන් ඇත් . මල් පිපී දින කිහිපයකින් ඔබට අස්වැන්න ලබා ගත හැක.
සියල්ල අංගසම්පූර්ණ හරිත ගෙවත්තක් ඔබ විසින්නම සකසමු.

අදම ඔබත් Aroma Plants අපත් සමග එක්වී අත්දැකීම් බෙදාගන්න. 😊


කාබනික කොහුබත් ගෙදරදීම


කාබනික කොහුබත් ගෙදරදීම පහසුවෙන් සදා ගමු.


රෝපණ මාද්‍යක් ලෙස තිබිය යුතුම දෙයක් සහා කොහුබත් අපිට නිතරම භාවිතා වන දෙයකි ගෙවතු අලංකරනයේදී. මෙය ඉතාමත් පහසුවෙන් අපට නිවසේදීම සදා ගත හැකි වේ ඉවතලන පොල් ලෙලි යොදාගැනීමෙන්.

කොහුබත් සදා ගන්නා ආකාරය


එදිනෙදා නිවසේ භාවිතයේදී ඉවතලන ද්‍ර්ව්‍යක් ලෙස පොල් ලෙලි සහ පොල් මුඩු ගෙවතු අලංකාරනයේදී ඉතා පහසුවෙන් පොහොර ලෙස යොදා ගත හැකිය. පලමුව පොල් ලෙලි සහ පොල් මුඩු කුඩා කොටස් වලට කපා ග්‍රයින්ඩර් එකක් ආදාරයෙන් අඹරා ගත යුතු වේ. ඉන් පසුව එය භාජනයකට දමා එයට පිරෙන්න ජලය යොදා අධි සෝඩියම් සන්ද්‍රනය අඩු කරගත යුතු වේ. මෙය වියෝජනය වීමෙන් ඝන ගතිය ඉවත් වී යයි.
මෙය සති දෙකක් පමණ කාලයක් ජලයෙ තිබීම ප්‍රමාණවත් වේ. ඉන් පසුව මෙය ඔබේ ගෙවත්තෙහි පරිභෝජනයට යොදා ගත හැකි වේ.

අදම ඔබත් Aroma Plants අපත් සමග එක්වී අත්දැකීම් බෙදාගන්න. 😊

රස ගුණ පිරි ගොටුකොළ ගෙදරදීම.


රස ගුණ පිරි ගොටුකොළ ගෙදරදීම , හරිම ලේසීයෙන් වගාකරමු.


ගොටුකොල කියන්නේ ඉතාම ගුණ පලා වර්ගයක් වන අතර එය අපේ ශරීර ශක්තිය වැඩවීමට හිසකෙස් වර්දනයට, සමට, පෝෂ්ය පදාර්ථ රැසක් පවතින ඉතාමත් ගුණවත් ආහාරයකි. වෙළදපලෙන් මිලදී ගන්නා කෘෂි රසායනික ද්රව්ය යොදා ශරීරයට අහිතකර දෑ අඩංගු ගොටුකොළ වලට වඩා තම ගෙවත්තේම සාදාගත් සාරවත් ගොටුකොළ ව්යාංජනයක රස විදින්න ඔබත් කැමැතිද?


සාරවත් ගොටුකොල වගාවක් සදහා අවශ්ය දෑ..


🔹දේශගුණය - ගොටුකොල අපේ දේශගුණික තත්වයන් සමග ඉතාමත් හොදින් වැඩෙයි. ගොටුකොල සදහා හොද ඌෂ්ණත්වයක් පැවතිමෙ එය වර්දනය වේ. හිරු එලිය කෙලින්ම නොවැටිය යුතුයි.
🔹 යොදා ගන්නා පස් මාද්යන් - සාමාන්ය ගෙවත්තෙ ඇති පස් තුල හෝ වැඩේ. නමුත් ( අනුපාතයන් ලෙස සාමන්ය පස් කොටස් 4 , කොම්පොස්ට් කොටස් 2, කොහු බත් හෝ පොල් මුඩු කොටස් 1 ක් ඔයා ඉවත දමන බේසමට යොදාගන්න )
පැල කිහිපයක් මුල් සමග ගෙන එය තැනින් තැන සිටවන්න තෙත පස තිබිමෙන් පාත්තිය වේගේන් වැඩෙයි.
ඉතිං ගෙවත්තක තිබිය යුත්තේ මල් පමණක් නොවෙයි. කුස්සියය එදිනෙදා අවශ්ය දේවල් වගේම ඖෂධීය දේවල් ගෙවත්තෙ තිබිමෙන් ඉහල වටිනාකමක් හිමි වේවී.

අදම ඔබත් Aroma Plants අපත් සමග එක්වී අත්දැකීම් බෙදාගන්න. 😊


නාගරික ඔබගේ කාර්යබහුල නූතන කාල රාමුව තුල සමාජයේ වැඩියෙන්ම කතා බහට ලක්වෙලා ඇති මාතෘකාවක් තමයි පරිසරය සමග කිට්ටු වීම. පොඩි ගෙවත්තක්, අවශ්ය එළවළු පළතුරු ශාඛ, අලංකාර ගෙමිදුලක්, මල් පාත්තියක් පිලියෙල කර ගැනීම ඇතුළු ඔබට ඇති සියලුම ගෙවත්තේ ප්රශ්න වලට විසදුම් ඇරෝමා ප්ලාන්ට්ස් වෙතින්..
🔹 පැලයක් සිටු වීමට ගන්නා පස් මාද්යන් පැලයට ගැලපෙන සේ සාදා ගන්නා ආකාරය.
🔹 පැලයක් නිවරදිව සිටුවා ගැනීම.
🔹 පොහොර වර්ග භාවිතය.
🔹 මල් පිපීම වේගවත් කරන උපක්රම
🔹 මල් පිපීමෙන් පසු නඩත්තුව
🔹 නිවස තුල ඇති ආලෝකයට අනුව ඇතුල අලංකාර කර ගැනීම.
🔹 වාතාශ්රයට හොඳින් ලැබෙන ලෙස අලංකාරකර ගැනීම.
🔹 ඉගුරු , කෝමාරිකා හා කහා වැනි ඖෂධීය වටිනාකමක් යුත් පැල වර්ග නිවරදිව වගා කරගැනීම.
ඔබට ඇතිවන ගෙවත්තේ පැන වලට Aroma Plants ඔබත් සමග නිරතරුවම රැදී සිටින අතර ඔබගේ පැනය මැසෙන්ජර් ඔස්සේ අප වෙත යොමු කරන්න.
- Aroma Plants -

"Aroma Plants” යනු,

"Aroma Plants” යනු,
මෑත කාලයේ ලෝකයටම බලපෑ ව්‍යසනය තත්වය හෙතූ කොටගෙන අපට බලපෑ එදිනෙදා ජීවිතයේ පීඩාකාරී තත්වයන්ට මුහුණ දීමට මෙන්ම මේ දින වලදී මානසික පීඩනයෙන් පීඩා විදින අපේම සහෘදයින් වෙනුවෙන්ම කුටුම්භය කේන්ද්‍ර කොටගත් දැනුම බෙදා ගැනීමට හා සංකීර්ණ ජීවිතය පහසු කරගැනීමට උපදෙස් ලබාදෙන දැනුම් තෝතැන්නකි.
ගෙවතු වගාව, නිවාස අලංකරණය, කාබනික වගාව වැනි පරිසරය සමග හිතැගි කටයුතුත් සමග අදහස් හුවමාරු කර ගන්නා විද්‍යුත් මාධ්‍යයක් ලෙසද Aroma Plants හදුන්වා දිය හැක.