සුපර් පවර් බ්‍රෙක්ෆ්ස්ට්
මේ දවස් වල අපේ අම්මලාට ගෙදර ඉදලා කෑම හදලා එපා වෙලා තියෙන බව අපි හැමෝම දන්නවා. ඉතින් ඔන්න අද කියලා දෙන්නේ ලේසියෙන් ඉක්මනින් වගේම ගුණවත් උදේට කන්න පුලුවන් කෑමක් සදහා.
කුරුලෑ වදෙන් බේරිලා ශරීරයේ ඇති ඌෂ්ණාධික බවට වගේම ගත සැහැල්ලු කරගෙන ඇගේ ඇති අහිතකර මේදය අඩු කරගන්නත් උදව් කරනවා . මේ ආහාරයෙන් ගොඩාක් දේවල් අපිට ලබා දෙන නිසා මම මේකට කියන්නෙ සුපර් පවර් බ්‍රෙක්ෆ්ස්ට් කියලා.
සුපර් පවර් බ්‍රෙක්ෆ්ස්ට් සදා ගන්නා ආකාරය.
*මෙය තනි පුද්ගලයෙකුට සෑහේ.
🔹නැවුම් කිරි කෝප්ප දෙකක්
🔹ඕට්ස් මේස හැදි 3ක්
🔹සව් මේස හැදි 4 ක්.
🔹හබල පෙති මේස හැදි 3ක්
🔹තම්බා ගත් මුං ඇට මේස හැදි දෙකක්
🔹සීනී ලුනු අවශ්‍ය පමණ
නැවුම් කිරි ටික ලිප තබා ඉහත සියල්ල දමා පිස ගන්න. ඔබ ලග ඇති දේවල් පමණක් ගන්න. හොදින් පිසුනු පසු ඔබට මෙයට වියලි මිදි වගේම, රට ඉදි හා කජු ඔබේ කැමැත්ත පරිදි එකතු කර ගත හැකි වේ.
No comments:
Post a Comment