Pages

Saturday, May 9, 2020

නිවසේදීම කාබනික දියරමය පොහොරක්.


බනානා පීල් ටී (Banana Peel Tea)


පවතින වතාවරණය අනුව මේ දින වලදී අපිට වෙළදපොළෙන් පොහොර මිලට ගැනීමට හැකියාවක් නැති හෙයින් ඔබට නිවසේදීම කාබනික දියරමය පොහොරක් සකසා ගන්නා ආකාරය කියා දීමට අප සූදානම්.
බනානා පීල් ටී (Banana Peel Tea) යනු මහන්සියකින් තොරව පහසුවෙන් සකසා ගත හැකි දියරමය පොහොරකි. මෙය සාදාගැනීමට අවශ්ය වන්නේ කෙසෙල් ලෙලි හා ජලය පමණී. ගෙවත්තෙහි ඇති ශාඛ වර්ධනයට හා ඵල හටගැනීමට මෙය බෙහෙවින් උපකාරී වේ.
කෙසෙල් ලෙලි යනු පොටෑසියම්, පොස්පරස් හා කැල්සියම් වලින් අදික ලෙස පොහොසත් ද්රවයයකි. එය වගාවන්ට ඉතාමත් සුදුසු වේ.
කිසිදු කෘතීම රසායනික ද්රව්ය අඩංගු නොමැති ඉතාමත් ඵලදායී දියරමය කාබනික පොහොරකි. ශාඛ වර්ධනයට අවශ්ය නයිට්රජන්, මැග්නීසීයම් හා සල්පර් ද මෙහි අන්තර්ගත වේ.

Banana peel Tea සදා ගන්නා ආකාරය.


කෙසෙල් ලෙලි ග්රෑම් 500 ක් පමණ කුඩා කැබලි වලට කපා එයට වතුර ලීටර් 1.5 ක් පමණ යොදා දින 4,5ක් තබන්න. ඉන් පසුව එය ජලය ලීටර් 5කට එකතු කර පුංචි කෙසෙල් පොතු කැබලි අතින් කුඩු කරන්න. ඉන්පසු ඔබට මෙය භාවිතයට ගත හැකිය. එක් පැලයකට මෙම දියරය එක් කෝප්පය බැගින් පොහොරක් ලෙස යොදා ගන්න. අපට මෙය ශාඛ පත්ර වලට ඉසීමටද භාවිතා කල හැකිය.

අදම ඔබත් Aroma Plants අපත් සමග එක්වී අත්දැකීම් බෙදාගන්න. 😊

No comments:

Post a Comment