Pages

Saturday, May 9, 2020

කොහිල කැද එකක් සාදා ගමු.


ගෙවත්තෙ තිබෙන කොහිල වලින් කොහිල කැද එකක් සාදා ගමු.


විවිධ කෑම වර්ග කෑම නිසා, විවිධ බෙහෙත් වර්ග බීම නිසා අපේ බඩවැල් වල තියෙන විෂ කොහිල වලින් ඉවත් කර ගත හැකි වන අතර පොඩිත්තන්ගේ පනු රෝග වලටත් කදිම බෙහෙතකි. අර්ශස් රෝගින්ටද එය බෙහෙතකි.
ඔයාලා කොහිල තෙල් දාලා , කිරි දාලා , මැල්ලුම් හදලා හා සලාද හදලා ඔය එක එක විදියට හදලා අපි හැමෝම කාලා තියෙන නිස අද ලිපියෙන් බලමු කොහිල කැද එකක් සාදා ගන්නේ කෙසේද කියා. ඉතින් ඔන්න ඉක්මනට කේන්ති ගන්න අයට කොහිල කැද එකකින් සංග්රහා කරන්නටත් අමතක කරන්නටත් එපා.

කොහිල කැද සදා ගැනීමට අවශ්ය දෑ..


හොදින් පැසුනු කොහිල අලයක්
රතු කැකුලු හාල් මිටක්
සුදු ළූණු බිකි 4,5 ක්
පොල් කිරි කෝප්ප දෙකක්
රස අනූව ලුණු
හාල් ටික සෝද වතුර ටිකක් දාලා තැම්බෙන්න තියා එයට සුදු ළූණු යොදන්න.
ඒ අතර තුර කොහිල ටික වතුර ටිකක් යොදා හොදින් බ්ලෙන්ඩර් කරන්න. දැන් කොහිල ටිකක් හාල් එකට දමා තැම්බීමෙන් පසුව පොල් කිරි යොදන්න. පොල් කිරි දමා තැම්බීමෙන් පසුව ලිපෙන් බා ගෙන ආදරනීයන්ට පිලිගන්වන්න.

අදම ඔබත් Aroma Plants අපත් සමග එක්වී අත්දැකීම් බෙදාගන්න. 😊


No comments:

Post a Comment