ගෙවත්තේ ඇති දේවල් යොදාගෙන ලස්සන වෙමුද?
ලස්සන වෙන්න නීරෝගී වෙන්න අපි හැමෝම ගොඩාක් කැමති ඉතිං අද ලිපියෙන් ඔබට ගෙන එන්නේ ගෙදරම තියෙන ද්‍රවය වලින් නීරෝගී සුන්දර දිදුලන සමක් ලබා ගන්නා ආකාරයයි.
ස්වභාවික දේවල් යොදා ගන්නා නිසා අපිට බය නැතුව ආලේප කල හැකි වේ.
ෆේස් පැක් එක සදහා අවශ්‍ය වෙන ද්‍රවය:
🔹කෝමාරිකා මදය මේස හැදි දෙකක්
🔹කොහොඹ කොල යුෂ මේස හැන්දක්
🔹කඩල පිටි මේස හැන්දක්
🔹ගෙදර වත්තෙ අමු කහා තිබේනම් එයින් යුෂ තේ හැන්දක් නැත්තම් කස්තුරි කහා තේ හැදි කාලක්
🔹යෝගට් තේ හැන්දක්
🔹මී පැණි මේස හැන්දක්
🔹දෙහි බාගයක යුෂ
මේ සියල්ල එකට එක් කර ෆේස් පැක් එක සකසා ගන්න.
පිරිසිදු කර ගත් මුහුණෙහි මෙය ආලේප කර හොදින් වේලේනකම් තබා සාමාන්‍ය ජලයෙන් ඉවත් කරන්න.
ඉන්පසු අයිස් කියුබ් එකකින් මුහුණ සම්බාහනය කරන්න.
මෙයට යොදා ඇති දේවල් තුලින් කිසිදු හානියක් නොවේ මේ සියල්ල්ම රූපලාවණ්‍ය සදහා භාවිතා කරන ප්‍රබල ද්‍රවයයන් වේ. කෝමාරිකා මදය ලබා ගැනීමේදි කෝමාරිකා කෑල්ල පොඩි කෑලී වලට කපා ජලයේ විනාඩි 20ක් පමණ තබන්න. ඉන්පසුව මදය සූරා ගන්න. මෙමගින් සමෙහි අසාත්මිකතා ස්වභාවය ඇති නොවේ.
No comments:
Post a Comment