Pages

Saturday, May 9, 2020

දිව්‍යමය ඖෂධීය වටිනාකමක් තියෙන ඉගුරු.


දිව්‍යමය ඖෂධීය වටිනාකමක් තියෙන ඉගුරු.



ඉගුරු කියන්නේ කෑම රසවත් කිරීමට වගේම අපිට දිව්‍යමය ඖෂධීය වටිනාකමක් තියෙන ඖෂධයක් කිව්වොත් මම නිවැරැදී. කුළු බඩුවක් ලෙසද හදුන්වන මෙය මිලට ගැනිමෙදිනම් ටිකක් ලොකු මුදලක් වියදම් කරන්න වෙනවා.
ඔක්කාරය සහා බඩ පිපීමට වගේම ආහාර ආසාත්මිකතා වලට ප්‍රතිවිරුද්ධව ක්‍රියා කරන අතර විෂ නැසීමේ ගුණය නිසා ඕනෑම කෑමකට බය නැතුව මුසු කිරීමට හැකි වේ. නිදිමත නැති කිරීමට වගේම ගත ප්‍රබොදමත් කිරීමටද ඉගුරු සමත් වේ.
සෝඩීයම්, යකඩ, පොස්පරස් හා මැග්නීසීයම් වැනි ඛණිජ ලවණ ඉගුරු වල ඇත. ඒ වගේම ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ‍රැසක් මෙහි අන්තර්ගත වේ. සෙමට , උණට හා හිසටදයට ඔසුවක් හා වේදනා නාශකයකි. බැක්ටීරියා ආසාදන වලට එරෙහි වන අතර යම් යම් ඖෂධයන් සමග ඉගුරු ශරීර ගත කිරීම අවදානම් බව මතක තබා ගන්න.
සෙමට ඔසුවක් වන, බර අඩු කිරීමට ක්‍රියා කරන ඉගුරු නිවසේදීම නිවැරැදිව පැල කරගන්නේ කෙසේදැයි අපි බලමු.
ඉගුරු අලයක් ගෙන එය පසට යට කර සිටවා ගත හැකි අතර ඉගුරු අලට වතුරෙ දමා දින කිහිපයක් තබා මොටයියන් හටගත් පසු මොටෙයියන් සිටුවීමෙන් වේගයෙන් පැල කරගත හැකි වේ. කොම්පොස්ට් , වැලි සම සමව ගෙන එයට කොහුබත් ස්වල්පයක් එකතු කරන්න. 2:2:1 අනුපාතයෙන් එක් කරන්නේ සරු අස්වැන්නක් ලබා ගැනීමට ලිහිල් පසක් අවශ්‍ය වන නිසා.
එමෙන්ම මෙයට ඉර එලියත් සමග සෙවනක් අවශ්‍ය වේ. ඉර එලිය අධිකව තිබේනම් පැලයේ වර්ධන වේගයද වැඩි වේ.
ජලය යෙදීමේදි තම ඇගිල්ලෙන් පසට ඇන බලන්න එහි තෙතමනය තිබේද යන්න. තිබෙනවනම් එයට ජලය නොදන්න වගබලා ගත යුතු වේ. මෙය බදුනක නැත්තම් පොහොර උරයක ඔබට ලේසියෙන් සකසා ගත හැකිය.

අදම ඔබත් Aroma Plants අපත් සමග එක්වී අත්දැකීම් බෙදාගන්න. 😊


No comments:

Post a Comment