Pages

Saturday, May 9, 2020

අර්තාපල් ගෙදරදීම.


අර්තාපල් ගෙදරදීම

අර්තාපල් බීජ වලින් මගින් වගේම මොටයියන් මගින්ද පැල කරගත හැකි වේ. අද මම කියලා දෙන්නේ මොටයියන් මගින් පැල කර ගන්නා ආකාරය අපි අර්තාපල් වෙළෙඳපලේන් මිලට ගන්නා විට දැක තියෙනවා චූටී චූටී අංකුර සමග අල තිබෙනවා. අන්න ඒ අල මගින් අපිට පහසුවෙන් අල පැල කරවා ගත හැකිය. එවැනි මොටයින් තියෙන අල කිහිපයක් අරන් අන්කුර තියෙන් තැන් වලින් අල ගෙඩිය දෙකකට පමණ වෙන් කරවා ගන්න. ඉන් පසුව එය දින තුනක් පමණ තබන්න.
පස් මාද්යන් අපි සකසා ගන්නා විට සැහැල්ලු කොම්පොස්ට් හා කොහුබත් මිශ්ර පසක් අවශ්ය වේ. ඒ වගේම ජලය ඉක්මනින් ගලා යෑමද අවශ්ය වේ. සැහැල්ලු පසක් තිබීමෙන් අලද හොදින් සෑදෙයි.
භාජනය අඩියක් අඩි එක හමාරක් පමණ උසකින් තිබිම වැදගත් ඒ වගෙම ජලය ඉවත් වීමට කුහරද තිබිය යුතුයි.
අංකුර සමග අල කානූ වගේ හාරා එයින් අංකුර උඩට සිටින සේ තබා සැහැල්ලු පස් යොදන්න.
අල සිටවන විට පැල අතර අගල් 8ක පමණ පරතරයක් තබා ගන්න. ඉඩ තිබීමෙන් අර්තාපල් ගෙඩිය විශාල වේ.
ජලය යෙදීමේදී ජලය ලීටර් 4කට විනාකිරි කෝප්පයක් දමන්න. සතියකට දෙපාරක් ජලය එක් කරන්න.
ඔබට දින 100 ක් හෝ 120ක් ගතවන විට ඵල ලබා ගත හැකී. බීජ අර්තාපල් වලනම් එය පැකට් එකේ ගහලා තිබේ ඵල දරන කාලය පිලිබදව.
අර්තාපල් පැලෙහි මල් හට ගැනිමෙන් අල බැසිමට පටන් අරන් ඇත් . මල් පිපී දින කිහිපයකින් ඔබට අස්වැන්න ලබා ගත හැක.
සියල්ල අංගසම්පූර්ණ හරිත ගෙවත්තක් ඔබ විසින්නම සකසමු.

අදම ඔබත් Aroma Plants අපත් සමග එක්වී අත්දැකීම් බෙදාගන්න. 😊


No comments:

Post a Comment